ජනාධිපතිවරයා විසින් අද ඉදිරිපත් කළ අයවැය ‘මහපොළොවේ සිට’ සකස් කරන ලද අයවැයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ අනුව, මෙවර අයවැය හරහා ද පෙන්නුම් කරන්නේ බොරුවෙන් වැජඹීමේ රජයේ අරමුණ බවයි අද (07) අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
මෙම අයවැය, ජනතාවට සහන ලබා නොදෙන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියෙක් විසින් සකස් කරන ලද ආකාරයේ අයවැයක් ලෙස තමාට පෙනෙන බවද, දුප්පත්කම තුරන් කිරීම සම්බන්ධයෙන් ද අයවැය තුළ පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් නොවූ බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.
වත්මන් ආණ්ඩුව, කිසිදු සංවේදී බවක් නොමැති, බඩු මිල අඩු කිරීමට නොහැකි ආණ්ඩුවක් වන අතර, මෙලෙසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රූකඩයක් බවට පත්වීම ගැටලුවක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.








