මත් කරල් 400 ක් සමග සැකකරුවකු එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 32 ක් වන, එගොඩඋයන, මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.
එගොඩඋයන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම මත් කරල් තොගය සොයා ගෙන තිබෙනවා.
අදාළ සැකකරු කලක පටන් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර, ඔහුට විරුද්ධව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නඩු කිහිපයක්ද පවතින බවයි පොලීසිය සඳහන් කර සිටියේ.








