පාසල් කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව, පළමු ශ්‍රේණියේ සිසුන්ගේ පාසල් පැවැත්වෙන කාලය වන 7.30 සිට 11.45 කාලයෙහි වෙනසක් සිදු නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව අද (06) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේ.
දෙක ශ්‍රේණියෙහි ද දැනට පාසැල් පැවැත්වෙන වේලාව වන 7.30 සිට 11.45 කාලයෙහි වෙනසක් සිදු නොවන බවද, තුන ශ්‍රේණිය හා හතර වැනි ශ්‍රේණිය ද දැනට පවත්වන වේලාව වන උදෑසන 7.30 සිට පස්වරු 1.00 දක්වා වේලාවෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවද ඔහු පවසා සිටියා.
ඒ අනුව, 05 වැනි ශ්‍රේණියේ සිට ඉහළ පන්ති සඳහා උදෑසන 7.30 සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.







