මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑලට හිමිවී තිබෙනවා.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම අද (07) පස්වරුවේ මහනුවර බෞද්ධ මණ්ඩයේදී පැවැත්වුණා.
එහිදී ප්‍රදීප් නිලංග දෑල ඡන්ද 195 ක් ගනිමින් තුන්වන වරටත් වසර 10 ක කාලයක් සඳහා දියවඩන නිලමේවරයා ලෙස තේරී පත්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.







