ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම සඳහා අමතර රුපියල් මිලියන 800 ක් වෙන් කරනවා – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* 2026 අයවැයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය යන ආයතනවල මෙහෙයුම් හා අත්‍යවශ්‍ය මූලධන වියදම් සඳහා රජයේ සහාය ලබා දීමට කටයුතු කරනවා.

* නවීන තාක්ෂණයට සමගාමීව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන දියුණුවට ගැලපෙන ලෙස උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට හා ජනමාධ්‍යකරණයේ දී අවශ්‍ය වන තාක්ෂණික ප්‍රවේශය සඳහා සහායක් ලබා දීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

* ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම සඳහා රුපියල් මිලියන 1,800 ක් වෙන් කර තිබෙනවා. ඒ සඳහා තවත් අමතරව රුපියල් මිලියන 800 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

* ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය යටතේ මන්නාරම හා වවුනියා දිස්ත්‍රික්කවල ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනය කිරිම සඳහා රුපියල් මිලියන 225 ක්ද, කල්මුනේ ක්‍රීඩාගාරය සාදා නිම කිරීම සඳහා රුපියල් මිලියන 150 ක් ද මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා.