ඇමති විජිත ලෝක සංචාරක සංවිධානයේ මහා සභා රැස්වීමට යයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා රියාද්හි පැවැත්වෙන ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) 26වැනි මහා සභා රැස්වීමට සහභාගී වීමට නියමිතය.

ඒ අනුව අමාත්‍ය විජිත හේරත් මහතා නොවැම්බර් 08වැනිදා සිටි 11 වැනිදා දක්වා සෞදි අරාබියේ රියාද් අගනුවර නිල සංචාරයක නිරතවනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි.
මෙම සමුළුව අතරතුරදී අමාත්‍යවරයා,ඉහළ මට්ටමේ සැසිවාරවලට සහභාගී වීමටත්, අනෙක් සාමාජික රටවල් කිහිපයක නියෝජිතයන් හා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

ශ්‍රී ලංකාව, 1975 දී පිහිටුවන ලද UNWTO හි ආරම්භක සාමාජිකයෙකි.