2026 වසර සඳහා වන මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකළ අයවැය කතාව මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.
ඉන්පසුව, පාර්ලිමේන්තුව හෙට (08) පෙරවරු 9.30 දක්වා කල් තබන බව කථානායකවරයා සඳහන් කළා.
මෙම විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය 2025 නොවැම්බර් 08 වැනිදා (හෙට) සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.







