මුස්ලිම් බහුතරයක් වෙසෙන කසකස්ථානය, ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා අබ්රහම් ගිවිසුමට (Abraham Accords) එක්වන බව අමෙරිකානු ජනපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ කසකස්ථාන ජනාධිපති කසීම්-ජෝමාර්ට් ටොකායෙව් (Kassym-Jomart Tokayev) සමඟ පැවති දුරකථන සංවාදයකින් පසුව අමෙරිකානු ජනපති මේ පිළිබඳව පවසා සිටියා.
කසකස්ථාන මෙම ගිවිසුමට එක්වීම ඊශ්‍රායලය සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන අනෙකුත් රටවල් අතර පාලම් තැනීමේ විශාල ඉදිරි පියවරක් ලෙසයි අමෙරිකානු ජනපතිවරයා පවසා සිටින්නේ.
කසකස්ථාන සහ ඊශ්‍රායලය අතර 1992 වසරේ සිටම විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවතුණද, මෙම පියවර අබ්රහම් ගිවිසුම තවදුරටත් පුළුල් කිරීමේ සංකේතාත්මක ක්‍රියාවක් ලෙසයි සැලකෙන්නේ.
එමඟින් ආරක්ෂක, බලශක්ති සහ තාක්ෂණික ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරෙනවා.
අබ්රහම් ගිවිසුම් (Abraham Accords) මුලින්ම ඇතිකර ගනු ලැබුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, මොරොක්කෝව සහ සුඩානය ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා යි.
මෙම ගිවිසුම ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේ ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති ජයග්‍රහණයක් ලෙසයි විදෙස් මාධ්‍ය පවසන්නේ.








