ජයට අයත් ව්‍යාපාරවලින් භාණ්ඩාගාරයට රුපියල් බිලියන 227ක ලාභයක් මෙම වසරේ මුල් භාගය තුළ ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.
දූෂිත සහ අදක්ෂ පුද්ගලයන් විසින් අකාර්යක්ෂම කරන ලද පාඩු ලබන ව්‍යාපාර කිහිපයක් ඇති බවත් මෙම ව්‍යාපාර ලාභදායී කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
රාජ්‍ය ආයතනවලින් භාණ්ඩාගාරයට ලැබෙන ආදායම ඉදිරි වසරවලදී තවදුරටත් ශක්තිමත් කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.
“ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායකත්ව අකර්මණ්‍ය කළ සාහසික ක්‍රියාදාමය 2024 සැප්තැම්බර් 21න් අවසන් වුණා. ලෝකේ සෑම රටකම රාජ්‍ය ව්‍යවසායකත්ව ඒ ඒ රටවල සංවර්ධනයට දැවැන්ත කාර්යභාරයක් අදටත් කරනවා. සමහර රටවල් සිය සංවර්ධන අරමුණු ඉටුකරගත් පසු රාජ්‍ය ව්‍යවසායකත්වයන් අත්හැර කාර්යක්ෂම වෙළෙඳපොළකට භාර දුන්නා.
රාජ්‍යයට අයිති නම් එහි අරමුණ ලාභ උපරිම කිරීම නොවේ. ආර්ථික හා සමාජ ප්රතිලාභ උපරිම කිරීම හා අකාර්යක්ෂම වෙළෙඳපොළ කාර්යක්ෂම කිරීමයි.
ශ්‍රී ලංකාවේ මේ ආකාරයෙන් ඉතා අවධානයෙන් කළමනාකරණය කරන රාජ්‍ය ව්‍යාපාර 52ක් තියෙනවා. මේවා උපායමාර්ගික රාජ්‍ය ව්‍යවසාය ලෙස හඳුන්වනවා. මෙම රාජ්‍ය ව්‍යාපාරවල වැදගත්කම බාල්දු කිරීමට සමහර විශ්ලේෂකයන් කජු සංස්ථාව උදාහරණයට ගන්නවා. පෞද්ගලික ප්‍රාග්ධනයෙන් යැපෙන විශ්ලේෂකයන් රජය ව්‍යාපාර නොකළ යුතුයි කියන අතිශය සාවද්‍ය සාහසික බොරුව සමාජගත කරනවා” යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
“වර්තමාන රජය බලයට එන්නෙ මෙන්න මේ රාජ්‍ය ව්‍යාපාරය ශක්තිමත් කරන්න. නාස්තිය වංචාව අවම කරලා ශක්තිමත් අධ්යක්ෂ මණ්ඩල දේශපාලන මැදිහත් වීමකින් තොරව සුදුසු පුද්ගලයන් හැකියාව මත පත්කරන්න. ඒ වගේම මෙම ආයතන කළමනාකරණය කරලා දේශපාලන මැදිහත්වීම අවම කරන්න නව පනතක් මේ වෙන කොටත් නිර්මාණය වෙමින් තිබෙන්නේ. ඔබ ඉතා හොඳින් බැලුවොත් මේ හැම රාජ්‍ය ව්‍යාපාරයකටම ලාභ ලැබීමෙන් ඔබ්බට ගිය සමාජ ආර්ථික කාර්යභාරයක් තියෙනවා” යැයි ද ඔහු කීය.
“ඔබේ බදු මුදල් විනාශ කරන්නෙ රාජ්‍ය ව්‍යාපාර කියන කාරණාව අතිශය සාවද්‍යයි. ශ්‍රී ලංකාවේ මේ ව්‍යාපාර සමස්තය 2023 වසරේ රු. බිලියන 427ක ලාභයක් ලබලා තිබෙනවා. ඒ වගේම 2024 දී 538ක්, ඔබ නිකමට හිතන්න මේ සියල්ල පෞද්ගලීකරණය කළා නම්, මේ සියලු ලාභය යන්නෙ පෞද්ගලික ප්‍රාග්ධන හිමියන් කීපයක් අතට.
ඒ වගේම මේ බහුතරයක් අනම්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා, සම්පූර්ණයෙන් පෞද්ගලීකරණය වුණා නම්, මිල පිළිබඳ තරගය මහජනතාවගෙන් ගිලිහී යනවා. උදාහරණයක් ලෙස අද අපිට අයත් බැංකු පෞද්ගලික බැංකු එක්ක තරග කරනවා. සතොස තරග කරනවා. ගමනාගමන මණ්ඩලය තරග කරනවා. මිල්කෝ එක තරග කරනවා. ඒ වගේම දැවැන්ත සමාජ කාර්යභාරයක් ලංකා සීනි සමාගම, ධීවර සංස්ථාව හා ඖෂධ නීතිගත සංස්ථාව කරනවා” යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
‘සැබෑ දත්ත මත අපි ඉදිරියට යමු’ මේ රට අපි ප්‍රතිනිර්මාණය කරනවා. ශක්තිමත් රාජ්‍ය ව්‍යාපාර පද්ධතියක් වගේම ‘ශක්තිමත් පෞද්ගලික අංශයක් සමඟ ඉදිරියට යමු’ යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
රාජ්‍ය ව්‍යවසායන් 2025 පළමු භාගය තුළ මිශ්‍ර මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කළ බවට පළ වූ ප්රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඊයේ (05) නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.








