ලාදුරු රෝගය මෙරටින් තුරන් කර දැමීමේ ගමනේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ලාදුරු සමුළුව අද (06) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.
ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියම එළි දැක්වීම මෙහිදී සිදු විය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ සසකාවා පදනමේ සහයෝගීතා දායකත්වයෙන් සංවිධානය කර තිබෙන ජාතික ලාදුරු සමුළුව අද (06) සහ හෙට (07) දෙදින කොළඹදී පැවැත් වේ.








