හිඟුරක්ගොඩ පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ප්රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ මන්ත්රීවරයාගේ සොහොයුරා විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබී ඇත.
පසුව මෙම මන්ත්රීවරයා විසින් තම සොහොයුරා නිදහස් කරන ලෙස පොලීසියට පැමිණ නිලධාරීන්ට බැන තර්ජනය කර ඇති බව වාර්තා වේ.
එහිදී පොලිස් නිලධාරීන්ගේ රජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ එම ප්රාදේශීය සභා මන්ත්රීවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ප්රාදේශීය සභා මන්ත්රීවරයා හිඟුරක්ගොඩ මහෙස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.
එමෙන්ම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අදාළ ප්රාදේශීය සභා මන්ත්රීවරයාගේ සහෝදරයාද ඇප මත නිදහස් කිරීමට ද හිඟුරක්ගොඩ මහෙස්ත්රාත්වරයා නියෝග කර තිබේ.








