ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඊයේ (05) සුළු වශයෙන් පහත වැටුණු බව වාර්තා වෙනවා.
ප්‍රධාන වශයෙන් ඉල්ලුම දුර්වල වීම සහ බොරතෙල් සැපයුම වැඩිවීම පිළිබඳ අවිනිශ්චිතතාව මෙම මිල පහත වැටීමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් මිල සියයට 0.71කින් පහත වැටී බැරලයක් ඩොලර් 60.13ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල සියයට 0.62කින් පහත වැටී ඩොලර් 64.04ක් ලෙස සටහන්ව තිබෙනවා.
ආසියාවේ මන්දගාමී කාර්මික ක්‍රියාකාරකම් සහ දුර්වල බලශක්ති පරිභෝජනය හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධනය පිළිබඳව ආයෝජකයින් අතර අවිනිශ්චිතතාවක් පවතිනවා.
අමෙරිකානු ඛනිජ තෙල් ආයතනය (API) විසින් නිකුත් කරන ලද දත්තවලින් පෙනී යන්නේ, එක්සත් ජනපදයේ බොරතෙල් තොග අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් ඇති බවයි.
මෙය මිල පහත වැටීමක් සඳහායි හේතු වී ඇත්තේ.
එක්සත් ජනපද තොග ඉහළ යාම සාමාන්‍යයෙන් ඉන්ධන පිරිපහදුකරුවන්ගේ ඉල්ලුම දුර්වල වීමක් හෝ ගබඩාවලට ගලා ඒම අඩුවීමක් සංඥා කරනු ලබනවා.








