අය-වැය හෙට

2026 වසර සඳහා වන අය – වැය මුදල් අමා­ත්‍ය­ව­රයා ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් හෙට (07) පස්වරු 1.30ට පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.2026 අය – වැයෙහි පළමු වර කිය­වීම හෙවත් විස­ර්ජන පනත් කෙටු­ම්පත පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරීම පසු­ගිය සැප්තැ­ම්බර් 26 වැනිදා සිදු කරනු ලැබීය. අය – වැය කතාව හෙවත් අය – වැය (දෙවැනි වර කිය­වීම) ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් හෙට ඉදි­රි­පත් කිරී­මෙන් පසුව ඊට අදාළ විවා­දය දෙසැ­ම්බර් 05 වැනිදා දක්වා පැවැ­ත්වී­මට නිය­මිත ය.

ජන­ප­ති­ව­රයා අය – වැය කතාව පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මෙන් පසුව අය – වැය පිළි­බඳ දෙවැනි වර කිය­වීමේ විවා­දය නොවැ­ම්බර් 08 වැනිදා සිට 14 දක්වා පුරා දින හයක් පැවැ­ත්වී­මට නිය­මි­තය. ඊට අදාළ ඡන්ද විම­සීම නොවැ­ම්බර් 14 වැනි දින පස්වරු 6.00ට පැවැ­ත්වී­මට තීර­ණය කර ඇත.
අය – වැය පිළි­බඳ තෙවැනි වර කියැ­වීම හෙවත් කාරක සභා අව­ස්ථාවේ විවා­දය නොවැ­ම්බර් 15 සිට දෙසැ­ම්බර් 05 දක්වා දින 17ක් පුරා පැවැත්වේ. අය – වැය තෙවැනි වර කිය­වීමේ ඡන්ද විම­සීම දෙසැ­ම්බර් 05 වන දින සවස 6.00ට පැවැත්වේ. 2026 වසර සඳහා වන අය-වැය ජනා­ධි­ප­ති­ව­රයා විසින් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කරන හෙට (07) දින­යේදී පාර්ලි­මේන්තු පරි­ශ්‍රය හා ඒ අවට විශේෂ ආර­ක්ෂිත වැඩ­පි­ළි­වෙ­ළක් හා රථ වාහන සැලැ­ස්මක් ද ක්‍රියා­ත්මක වේ. අය – වැය විවා­දය වෙනු­වෙන් පාර්ලි­මේන්තු පරි­ශ්‍රය මන්ත්‍රී­ව­රුන්ගේ ඇඳුම් කාමර මෙන්ම ඒ අවට ද ආර­ක්ෂක අංශ විසින් විශේෂ පරී­ක්ෂා­ව­කට ලක්කි­රීම සිදු වේ. 07 වැනිදා පාර්ලි­මේන්තු ගැල­රිය විශේෂ ආරා­ධි­ත­යන්ට පම­ණක් සීමා කර ඇත. 2026 වසර සඳහා අය – වැය විවා­ද­යට සව­න්දීම සඳහා දෙස් විදෙස් ආරා­ධි­යන් ද සහ­භාගි වීමට නිය­මි­තය.
අය – වැය විවා­දය පැවැ­ත්වෙන කාල­සී­මාවේ පාර්ලි­මේ­න්තුව ඉරිදා දින සහ රජයේ නිවාඩු දින හැර, සෙන­සු­රාදා දින ද ඇතු­ළුව සෑම සතියේ දින­කම රැස්වී­මට පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය කර ඇත.

අය- වැය විවා­දය පැවැ­ත්වෙන කාල­සි­මාවේ සඳුදා දින­වල පෙර­වරු . 9:30ටත්, අනෙ­කුත් සිය­ලුම දින­වල පෙර­වරු 9.00ටත් පාර්ලි­මේ­න්තුව රැස්වේ. විවා­දය සඳහා වැඩි වේලා­වක් ලබා­දීම වෙනු­වෙන් පාර්ලි­මේ­න්තුව රැස්වන වේලාව සහ විවා­දය අව­සාන කරන වේලාව පස්වරු 6.00 දක්වා දීර්ඝ කිරී­ම­ටත් පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභා­වේදී තීර­ණය කෙරිණ.
අය – වැය විවා­දය වක­වා­නු­වේදී දින­පතා වාචික ප්‍රශ්න පහක්, ස්ථාවර නියෝග 27 (2) යටතේ එක් ප්‍රශ්න­යක් සහ ස්ථාවර නියෝග 22 (1) සිට (6) දක්වා යටතේ වන කට­යුතු සඳහා ද කාලය වෙන්කර ඇත.

ජාතික ජන­බ­ල­වේග රජය සිය දෙවැනි අය – වැය ලෙස පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මිත විස­ර්ජන පනත් කෙටු­ම්ප­තට අනුව 2026 වසරේ රජයේ සමස්ත විය­දම රුපි­යල් බිලි­යන 4,434කි. එළැ­ඹෙන වසර සඳහා වන විස­ර්ජන පනත් කෙටු­ම්ප­තෙන් වැඩිම මුදල් ප්‍රමා­ණ­යක් වෙන්කර ඇත්තේ මුදල් අමා­ත්‍යාං­ශ­යට වන අතර එය රුපි­යල් බිලි­යන 634ක් වේ.