අමෙරිකානු රජයේ වසා දැමීම් නිසා ගුවන්තොටුපළ 40ක කටයුතු අඩාලයි

අමෙරිකානු රජය අකර්මන්‍යවීම හේතුවෙන් එරට ප්‍රධාන ගුවන්තොටුපළ 40ක කටයුතු සියයට 10කින් අඩු කරන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.

අමෙරිකානු සෙනට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබාදීමේ පනත් කෙටුම්පත් සම්මත නොවීම හේතුවෙන් දින 36ක සිට රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් අත්‍යාවශ්‍ය නොවන සේවා සියල්ලම අකර්මන්‍යව පවතිනවා.

මෙය අමෙරිකානු ඉතිහාසයේ දිගම වසා දැමීම ලෙසයි සැලකෙන්නේ.

මෙම තත්ත්වය හමුවේ වැටුප් නොගෙවීම හේතුවෙන් ගුවන් මගීන් පාලකවරු 13,000ක් සහ ගමන් මලු පරීක්ෂාකරන්නන් 50,000ක් සිය රාජකාරී සඳහා පැමිණෙන්නේ නැහැ.

සියයට 10කින් ගුවන්තොටුපළවල කටයුතු අඩු කරන ලෙස කර ඇති දැනුම්දීටමට අනුව නිව්යෝර්ක්, වොෂින්ටන්, චිකාගෝ, ලොස් ඇන්ජලීස්, ඩලස් සහ ටෙක්සාස්වල ගුවන්ගමන් වාර 1800ක් පමණ නතර කිරීමේ අවධානමක් පවතිනවා.

මේ හරහා මගීන් 268,000කට පමණ අපහසුතාවලට මුහුණ දීමට සිදු වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.