නිව්යෝර්ක් පළමු මුස්ලිම් නගරාධිපති ලෙස සොහ්රාන් මම්දානි තේරී පත්වෙයි

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරය සඳහා, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක 34 හැවිරිදි සොහ්රාන් මම්දානි තේරීපත්ව තිබේ.

ඒ ඊයේ පැවැති ඡන්ද විමසීමේදී හිටපු ආණ්ඩුකාරවරයෙක් ද වන ස්වාධීන අපේක්ෂක ඇන්ඩෘෘ කූමෝයි පරාජයට පත් කරමින්ය.

ඒ අනුව, අමෙරිකාවේ විශාලම නගරය වන නිව්යෝර්ක් හි නගරාධිපති ධූරයට පත්වූ පළමු මුස්ලිම් ජාතිකයා වන්නේ මම්දානි යි.

ඉන්දු – අමෙරිකානු සම්භවයක් සහිත මම්දානි, සුප්‍රකට ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරියක වන මීරා නායර්ගේ පුත්‍රයා ද වේ.

යම්හෙයකින් මම්දානි නගරාධිපති ධුරයට පත්වුවහොත්, නගරයට ලබාදෙන රජයේ අරමුදල් සීමාකරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු අඟවා තිබුණි.