GovPay ඇප් එකෙන් රු. බිලි­ය­න­යක ගනුදෙනු කරලා

මෙරට රාජ්‍ය සේවා­වන් සඳහා හඳු­න්වාදී ඇති ඩිජි­ටල් ගෙවීම් පද්ධ­තිය වන GovPay ඔස්සේ මේ වන­විට රුපි­යල් බිලි­ය­න­ය­කට අධික ගෙවීම් ප්‍රමා­ණ­යක් සිදු­කර තිබෙන බව ඩිජි­ටල් ආර්ථික අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි.

මේ වන විට රාජ්‍ය ආය­තන 200ක් මෙම ඩිජි­ටල් ගෙවීම් පද්ධ­තිය හා එක්ව ඇත. බදු, දඩ ඇතුළු රජ­යට අදාළ විවිධ ගනු-දෙනු වේග­වත් පහසු සහ මුදල් රහි­තව සිදු­කි­රීමේ අර­මු­ණින් මෙම නව ගෙවීම් පද්ධ­තිය හඳු­න්වාදී ඇති අතර ඊයේ වන­විට මෙම­ගින් ගනු­දෙනු 40,920ක් සිදු­කර ඇතැයි අමා­ත්‍යාං­ශය අනා­ව­ර­ණය කරයි. මෙම වැඩ­ස­ට­හනේ මීළඟ අදි­යර ලෙස රාජ්‍ය ආය­තන දහ­සක් එක්කර ගැනීම සහ රුපි­යල් ට්‍රිලි­ය­න­යක ගෙවීම් සීමා පසු කිරීම අමා­ත්‍යාං­ශයේ අර­මුණ වී තිබේ.

සුභා­ෂිණී සේනා­නා­යක