වනවාසල දී දුම්රියේ ජීප් රථයක් ගැටී අනතුරක්

කොළඹ සිට රඹුක්කන  බලා සවස 5.35 ට ධාවනය වූ මන්දගාමී  දුම්රිය කැලණිය වනවාසල තෙලඟපාත දුම්රිය හරස් මාර්ගයේදී වේගයෙන් ධාවනය වෙමින්  තිබියදී දුම්රිය  ස‍ංඥා ක්‍රියාත්මක වීම නොසළකා මාර්ගයේ  ඉදිරිපසින් නවතා තිබූ වාහනද පසු කර පැමිණි  ජීප් රථයක් ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුවී ඇත.

මෙම මාරක අනතුරින් රථයට බරපතල  හානි සිදුව ඇති අතර දුම්රිය  ඇංජිමේ කොටසක් ගැලවී ගොස් ඇති අතර අනතුරින් පසුව දුම්රිය  ඇංජිමේ ඇමිණුනු  වාහනය  වනවාසල දෙසට කිලෝ මීටර් භාගයක පමණ දුරක් ඇදී ගොස් තිබෙයි.

අසල්වාසීන් එක්ව  රථයේ දොරවල් කඩා රියදුරු  පිටතට  ගෙන සුව සැරිය ගිලන් රථයකින් රියදුරු  කොළඹ  ජාතික රෝහලට යැවීමට කටයුතු කර ඇත.