මෙරට රත්රන් මිල ඊයේ (03) දිනයට සාපේක්ෂව රුපියල් 1,000 කින් පමණ පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ පවසනවා.
ඒ අනුව, අද (04) පෙරවරුවේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 293,200 ක් දක්වා පහළ ගොස් ඇති අතර, ඊයේ දිනයේදී එය රුපියල් 294,000ක් ලෙස සටහන් වී තිබුණා.
ඊයේ දිනයේදී රුපියල් 318,000 ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල, අද වන විට රුපියල් 317,000 ක් දක්වා පහළ ගොස් ඇති බවයි කොළඹ හෙට්ටි වීදිය රත්රන් වෙළෙඳපොළ සඳහන් කරන්නේ.








