දුම්රිය පදවන්න කතුන්ටත් වරම්

ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ දුම්රිය එන්ජින් රියැ­දුරු, දුම්රිය නියා­මක, දුම්රිය ස්ථානා­ධි­පති සහ දුම්රිය අධී­ක්ෂණ කළ­ම­නා­කරු යන තන­තුරු සඳහා කාන්තා නිල­ධා­රින් බඳවා ගැනී­මට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

දැනට අනු­මත බඳ­වා­ගැ­නීම් පටි­පා­ටිය තුළ කාන්තා නිල­ධා­රින් බඳ­වා­ගැ­නී­මට ප්‍රති­පා­දන සැලසී නොමැති බැවින්, ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 55 ව්‍යව­ස්ථාවේ (1) අනු­ව්‍ය­ව­ස්ථාවේ විධි­වි­ධාන පරිදි අමාත්‍ය මණ්ඩ­ලය වෙත පැවරී ඇති බල­තල අනුව දුම්රිය එන්ජින් රියැ­දුරු, දුම්රිය නියා­මක, දුම්රිය ස්ථානා­ධි­පති සහ දුම්රිය අධී­ක්ෂණ කළ­ම­නා­කරු යන තන­තු­රු­ව­ලට කාන්තා නිල­ධා­රින් බඳ­වා­ගැ­නී­මට ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන් අනු­මැ­තිය ලබා දීමට තීර­ණය කර ඇත.

වැඩ­බ­ලන ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන ඇමැති, වෛද්‍ය ප්‍රසන්න ගුණ­සේන මහතා ඉදි­රි­පත් කළ යෝජ­නාව සැල­කි­ල්ලට ගෙන ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව ඇත.

වසර 165ක පමණ ඉති­හා­ස­යක් ඇති ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ විවිධ තන­තු­රු­ව­ලට පැවරී ඇති කාර්ය­යන්ගේ සාමූ­හික ප්‍රය­ත්න­යක් ලෙස ක්‍රියා­ත්මක වන සේවා­වකි. එම දෙපා­ර්ත­මේ­න්තුව යටතේ වන දුම්රිය එන්ජින් රිය­දුරු, දුම්රිය නියා­මක, දුම්රිය ස්ථානා­ධි­පති සහ දුම්රිය අධී­ක්ෂණ කළ­ම­නා­කරු යන තන­තුරු දුම්රිය සේවය පව­ත්වා­ගෙන යාමට අත්‍ය­වශ්‍ය වේ.

දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව ආර­ම්භයේ සිට මේ දක්වාම එන්ජින් රිය­දුරු, දුම්රිය නියා­මක සහ දුම්රිය ස්ථානා­ධි­පති යන තන­තුරු සඳහා පිරිමි නිල­ධා­රින් පම­ණක් බඳවා ගනු ලැබ ඇති අතර, අධී­ක්ෂණ කළ­ම­නා­කරු තන­තුරු සඳහා 2012 සහ 2015 වස­ර­වල පම­ණක් කාන්තා නිල­ධා­රින් බඳ­වා­ගනු ලැබ ඇත.

රජයේ නව ආර්ථික ප්‍රති­පත්ති අනුව රාජ්‍ය අංශයේ මෙතෙක් කාන්තා­වන් බඳවා නොගත් තන­තුරු සඳහා කාන්තා­වන් බඳ­වා­ගැ­නී­මට ඉඩ ප්‍රස්තාව සලසා දීමට කට­යුතු කර­මින් පවතී.