අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටී ගිනිගෙන ඇත.
ලුයීවෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කල අදළ යානය විනාඩි කිහිපයක් තුල එම ගුවන් තොටුපළ ආසන්නයේදීම කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානය ඛනිජ තෙල් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ආසන්නයේදී කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් ප්‍රදේශයේ දැවැන්ත ගින්නක් පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරින් පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි කෙන්ටකී ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සදහන් කර ඇත.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ, United Parcel Service මෙහෙයවනු ලබන McDonnell Douglas MD11F නැමැති භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි.
මෙම අනතුර හේතුවෙන් අදාළ ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.








