පිලිපීනයේ සුළි කුණාටුවෙන් පුද්ලගයින් 58ක් ජීවිතක්ෂයට

මධ්‍යම පිලිපීනයට බලපෑ ‘කල්මේගි’ සුළි කුණාටුව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 58 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය පිරිස අතර මානුෂීය මෙහෙයුම් සඳහා එක්ව සිටි හමුදා සෙබළන් 06 දෙනෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුළි කුණාටුව දකුණු චීන මුහුද දෙසට ගමන් කරමින් තිබෙන බවද වාර්තා වේ.

මෙහිදී මානුෂීය මෙහෙයුමක් අතරතුර හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් හමුදා නිලධාරීන් හය දෙනෙකු ද මියගිය බව සදහන් වේ.

එරට ආපදා ඒජන්සිය සදහන් කර ඇත්තේ පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි.