අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ අද (04) උදෑසන වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මිය ගොස් ඇති බව බලපිටිය රෝහල පවසනවා.
අද උදෑසන 10.30 ට පමණ ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක් වූ අතර, රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 04 ක් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.








