කිලිනොච්චිය, රාමනාදපුරම්, සුඩකුලම් ප්රදේශයේ පෙරේදා (02) සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධීව මත්පැන් පෙරන ස්ථානයක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට පහරදී අත්අඩංගුවේ සිටි ජාවාරම්කරු මුදාගෙන පලාගිය කාන්තාවන් 05 දෙනෙක් ඇතුළු 10 දෙනෙක් රාමනාදපුරම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පහරකෑමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් ප්රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ. මෙම පහරදීමට 15 දෙෙකුගෙන් පමණ සමන්විත පිරිසක් සම්බන්ධ වී ඇති බවත් ඔවුන් යකඩ පොලු සහ ලී පොලුවලින් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට පහරදී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් අතර 16 හැවිරිදි වියේ පසුවන්නෙක් සිටින බව පොලීසිය සඳහන් කළේය. සැකකරුවන් රාමනාදපුරම් සහ පේදුරුතුඩුවේ පදිංචිකරුවන්ය. සැකකරුවන් සහ සැකකාරියන් කිළිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.








