STF නිල­ධා­රී­න්ට පහ­රදී කසිප්පු ජාවා­රම්කරු මුදා ගත් 10ක් අත්අ­ඩං­ගු­වට

කිලි­නො­ච්චිය, රාම­නා­ද­පු­රම්, සුඩ­කු­ලම් ප්‍රදේ­ශයේ පෙරේදා (02) සිදු­කළ ‍මෙහෙයු­ම­කදී නීති විරෝ­ධීව මත්පැන් පෙරන ස්ථාන­යක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් පිරි­ස­කට පහ­රදී අත්අ­ඩං­ගුවේ සිටි ජාවා­ර­ම්කරු මුදා­ගෙන පලා­ගිය කාන්තා­වන් 05 දෙනෙක් ඇතුළු 10 දෙනෙක් රාම­නා­ද­පු­රම් පොලී­සිය මගින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. පහ­ර­කෑ­මට ලක්වූ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර‍යෙක් සහ පොලිස් ‍කොස්තාප­ල්ව­ර­යෙක් ප්‍රති­කාර සඳහා කිලි­නො­ච්චිය රෝහ­ලට ඇතු­ළ­ත් කර තිබේ. මෙම පහ­ර­දී­මට 15 දෙ‍ෙකු­ගෙන් පමණ සම­න්විත පිරි­සක් සම්බන්ධ වී ඇති බවත් ඔවුන් යකඩ පොලු සහ ලී පොලු­ව­ලින් විශේෂ කාර්ය බළකා නිල­ධා­රීන්ට පහ­රදී ඇති බවත් පොලී­සිය සඳ­හන් කරයි.

සැක­ක­රු­වන් අතර 16 හැවි­රිදි වියේ පසු­ව­න්නෙක් සිටින බව පොලී­සිය සඳ­හන් කළේය. සැක­ක­රු­වන් රාම­නා­ද­පු­රම් සහ පේදු­රු­තු­ඩුවේ පදිං­චි­ක­රු­වන්ය. සැක­ක­රු­වන් සහ සැක­කා­රි­යන් කිළි­නො­ච්චිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.