ඇමෙරිකාව, වෙනිසියුලාව සමග යුද්ධයකට යෑම සැක සහිත බවත්, එවැන්නක් සිදු නොවනු ඇති බවත් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
විදෙස් මාධ්‍යයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේ කැරිබියන් දූපත්වල මත්ද්‍රව්‍ය ජාවාරම් කරන යාත්‍රාවලට ඇමෙරිකාව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින පසුබිමකයි.
ඇමෙරිකාවේ මෙම ක්‍රියාමාර්ගය මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීම නොව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දීර්ඝ කාලීන විරුද්ධවාදියෙකු වන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෙයි ධුරයෙන් නෙරපා හැරීම බවට එල්ල වන චෝදනා ද ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා.








