ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනයට කැබිනට් අනුමැතිය

ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකාව තරගකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම පිණිස, විනිවිදභාවය සහ පුරෝකථනය කළ හැකි තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඉලක්ක කරගත් ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සඳහා 2024 ජුනි 11 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණු බවයි සඳහන් වෙන්නේ.

එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව 2025 මැයි 15 වන දින ස්ථාපිත කර ඇති බවත්, පසුව සිදු කරනු ලැබ ඇති රජයේ ප්‍රතිපත්ති සංශෝධනයන්ට අනුව, ඇතැම් බදු නීති සමඟ අනුකූලතාවය සහතික කිරීම සඳහා සහ අවිනිශ්චිතතා මග හැරවීම සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්තියේ ඇතැම් විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව විසින් හඳුනාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව හඳුනාගෙන ඇති සංශෝධනයන් මත පදනම්ව, ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

 news images