අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය සියයට 3. 9ක්

වසරේ ගතවූ කාල සීමාව තුල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය සියයට 3. 9 ලෙස සටහන් වන බව මහබැංකුව පවසනවා.

සැප්තැම්බර් මාසය අවසන් වනවිට දළ නිල සංචිත අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 6. 2 ක් ලෙසයි සටහන් වන්නේ.

මේ අතර, 2025 වසරේ ජනවාරි – අගෝස්තු කාලපරිච්ඡේදය තුළ මෙරට විදේශීය අංශයෙහි මාසික ජංගම ගිණුමෙහි අඛණ්ඩ අතිරික්තයන් වාර්තා කිරීමෙන් පසුව, සැප්තැම්බර් මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වුණා.

කෙසේ වෙතත්, පළමු මාස නවය සඳහා ජංගම ගිණුමෙහි සමුච්චිත අතිරික්තය ඩොලර් බිලියන 1. 9 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි මහබැංකුව කියා සිටියේ.

ප්‍රධාන වශයෙන් වාහන ආනයනය වැඩිවීම හමුවේ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා යාම හේතුවෙන්, 2025 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඉහළ ගිය බව සඳහන්.