මෙහෙණෙින්වහන්සේ නමකට තර්ජනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

මෙහෙණෙින්වහන්සේ නමකට පුද්ගලයින් දෙදෙනෙකු විසින් බැන තර්ජනය කරන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවට අදාළ සැකකරුවන් දෙදෙනෙකු වත්තල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 57 සහ 67 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක්.

වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ රත්නාවලී ආරාමය අසළදී ඊයේ (02) එම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (03) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.