උඩුගම්පොළ යකා නැටූ කත අද අධිකරණයට

ගම්පහ, උඩු­ග­ම්පොළ ප්‍රදේ­ශයේ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ පොදු පුස්ත­කා­ලය ඉදි­රි­පි­ටදී තමන් රන්මල් කොඩි­තු­ව­ක්කුගේ නංගී යැයි පව­ස­මින් පොලිස් නිල­ධා­රීන්ගේ රාජ­කා­රි­යට බාධා කර­මින් කල­හ­කා­රීව හැසි­රුණු කාන්තාව අද (03) යළි ගම්පහ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

රථ­වා­හන වර­දක් සම්බ­න්ධ­යෙන් පොලිස් නිල­ධා­රීන් විසින් මෝටර් රථය නතර කිරී­මට උත්සාහ කළ අව­ස්ථා­වේදී ඔවුන්ගේ අණ නොතකා රිය ධාව­නය කළ ඇය උඩු­ග­ම්පොළ, මිනු­ව­න්ගොඩ ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු ගම්පහ වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් තුසිත සෙන­රත් මහතා ඇය අද (03) තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කළේය.

මෙසේ බන්ධ­නා­ගා­ර­ගත කර සිටියේ කොළඹ 5, තිඹි­රි­ග­ස්යාය ප්‍රදේ­ශයේ පදිංචි ව්‍යාපා­රික කාන්තා­වකි. සැක­කාර කාන්තාව උඩු­ග­ම්පොළ ප්‍රදේ­ශ­යේදී රාජ­කා­රියේ නියුතු පොලිස් නිල­ධා­රීන්ට සිදු කළ අයුතු අව­හි­රය ඇතුළු චෝදනා කිහි­ප­යක් ඔස්සේ අත්අ­ඩං­ගු­වට ගෙන වැඩි­දුර වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබිණි.

ඇයට වාහ­නය නතර කරන ලෙස සංඥා කළ ද එම පොලිස් අණ නොතකා පලා ගොස් ඇති අතර, පොලිස් නිල­ධා­රීන් ඇය ලුහු­බැඳ ගොස් උඩු­ග­ම්පො­ළදී නතර කර පරීක්ෂා කිරී­මට උත්සාහ ගන්නා අව­ස්ථාවේ මේ කල­හය සිදුව තිබේ.

මේ කාන්තාව රථ­වා­හන නීති කඩ­ක­ර­මින් වාහ­නය ධාව­නය කළ බව­ටත්, පරීක්ෂා කිරී­මට යෑමේදී කල­හ­කා­රීව හැසි­රුණු බව­ටත් පොලී­සිය අධි­ක­ර­ණ­යට කරුණු දක්වා ඇත.

එහිදී ඇය තමන් රන්මල් කොඩි­තු­ව­ක්කුගේ නංගි යැයි පව­ස­මින් පොලිස් නිල­ධා­රීන්ට තර්ජ­නය කරන අයුරු සමාජ මාධ්‍ය­වල ද දැක්වේ. තමන් කිසිදු වර­දක් කර නොමැති බවත්, සියලු ලිය­කි­ය­විලි තමන් සතුව ඇති බවත් පව­ස­මින් ඇය තම රියැ­දුරු බල­ප­ත්‍රය පොලිස් නිල­ධා­රි­යා­ගෙන් උදුරා ගන්නා ආකා­රය ද එම වීඩි­යෝ­වල දැක්වේ.

මෙහිදී මාර්ගයේ සිටි පිරිස් ද ඇයට විරෝ­ධය පළ කරන අතර, ඇය ඒ නොතකා මෝටර් රථ­යට නැඟී පිටව යෑමට උත්සාහ ගන්නා අයුරු ද වීඩි­යෝ­වල දැක ගත හැකිය.

මේ සම්බ­න්ධ­යෙන් ගම්පහ පොලිස් ස්ථානා­ධි­පති, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මොහාන් ද සිල්වා මහ­තා­ගෙන් දින­මිණ කළ විම­සු­ම­කදී ඒ මහතා පැව­සුවේ ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් නිල­ධා­රි­ය­කුගේ ඥාති­යකු නොවන බවයි.

ගම්පහ පොලී­සියේ රථ­වා­හන අංශය වැඩි­දුර විම­ර්ශන සිදු කරයි.