ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මාරක බස් රථ අනතුරින් පසුව, එම මාර්ගයේ අනාරක්ෂිත ස්ථාන සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, හඳුනාගත් ස්ථානවල ආරක්ෂිත බැමි ඉදිකිරීම, යකඩ වැටවල් සවි කිරීම, පස් බැමි ඉදිකිරීම සහ මාර්ගයේ වංගු සහිත ස්ථානවල කණ්ණාඩි සවි කිරීම යනාදිය සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ වන විටත් එම වැඩකටයුතු ක්රියාත්මක වෙමින් පවතින අතර, ඇල්ල – වැල්ලවාය මාර්ගය දැඩි කඳු බෑවුම් සහ ප්රපාතවලින් සමන්විත මාර්ගයක් වීම හේතුවෙන්, එම මාර්ගයේ රිය ධාවනය කිරීමේදී රියදුරන් විමසිලිමත් වීමද වැදගත් බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියේ.








