‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 1,314ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 1,314 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම 1යි ග්‍රෑම් 202ක්, හෙරොයින් ග්‍රෑම් 863යි මිලිග්‍රෑම් 137ක් සහ කුෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය රැසක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 31 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර තවත් සිව්දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ෂන ආරම්භ කර ඇති බව සඳහන්ය.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් පුද්ගලයින් 08 දෙනෙකු පුනුරුත්ථාපනය සඳහා යොමු කිරීමට ද පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.