බ්‍රිතාන්‍ය දුම්රියක් තුළ පිහි ඇනුමක් – 09කට බරපතලයි

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ්ෂයර් ප්‍රදේශයේ දුම්රියක් තුළ සිදුවූ පිහිඇනුම් සිද්ධියකින් පුද්ගලයන් 10 දෙනෙකු රෝහල්ගත කර ඇත.

ඉන් 09 දෙනෙකු ගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිද්ධිය වාර්තා වන්නේ ඩොන්කැස්ටර් සිට ලන්ඩනයේ කිංස් ක්‍රොස් දක්වා ධවනය වූ දුම්රියකය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

මෙම සිද්ධිය පොලිසිය “ප්‍රධාන සිදුවීමක්” ලෙස ප්‍රකාශ කර ත්‍රස්ත විරෝධී නිලධාරීන්, විමර්ශනයට සහාය වනු ඇති බව තහවුරු කරයි.