ත්රිරෝද රථ, පාසල් වෑන් රථ, කාර්යාල සේවා සහ විශේෂ සංචාරක බස් රථ පිළිබඳ දත්ත රැස් කිරීම ඊයේ(01) සිට ආරම්භ කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
මෙම සේවාවන් සඳහා ගාස්තු තීරණය කිරීම, රෙගුලාසි නිර්මාණය කිරීම සහ මාර්ගෝපදේශ සකස් කිරීම මෙහි අරමුණ බව එම කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පෙන්වාදෙයි.
මෙහිදී, මහජන අදහස් රැස් කිරීම සඳහාද වැඩසටහනක් සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.








