පොලිස් විශේෂ කාර්ය බළකායේ මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී, වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දමන පොලිස් වසමේ, හිඟුරාන ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13 ක්ද තිබි සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ සැකකරු ඉකුත් ජුලි 11 වැනිදා හිරණ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම හා පානදුර පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි අයෙක් බවද සඳහන්.
සැකකරු වයස අවුරුදු 39 ක් වන, හිඟුරාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මේ සම්බන්ධයෙන් දමන හා හිරණ පොලිස් ස්ථාන සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.








