සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ යූටියුබ් නාලිකා මගින් විදේශ රැකියා සඳහා මුදල් වංචා කරන සිදුවීම් ඉහළ ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ, ව්‍යාජ දැන්වීම් පළ කරමින් සිදු කරන වංචා සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව ඔවුනට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා.








