“රටම එකට” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙයුම මඟින් විෂ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 1076 දෙනකු ඊයේ (31) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නිතීවේදී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරනවා.
මෙම සැකකරුවන් අතුරින් දෙදෙනකු නීති විරෝධී වත්කම් විමර්ශන සම්බන්ධ පරීක්ෂණවලට අදාල සැකකරුවන් වන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 407ක්ද, අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 354 දෙනෙක්ද, කොකේන් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනක්ද, ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 268 දෙනෙක් ද සහ අනෙකුත් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ළඟ තබාගෙන සිටි සැකකරුවන් 41 දෙනෙක්ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 19 දෙනකු රැඳවුම් නියේග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සිදුකරන බව ද මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කරනවා.
මෙම මෙහෙයුමෙන් ඊයේ (31) දිනයේදී වැටලීම් 1072ක් සිදුකර ඇති අතර මෙමගින් පුනරුත්ථාපනයට යොමුකළ පුද්ගලයින් ගණන 20 දෙනකු බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවුවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම අරමුණු කර ගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත් ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව බල ගැන්වීම යන බහු විධ ප්‍රවේශයන් මඟින් රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය (ජාවාරම) සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් ඉකුත් 30 වැනිදා සිට “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබූ බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම සෑම දිනකම ක්‍රියාත්මක බවද පොලිස් මූලස්ථානය පවසනවා.








