මාරක රියඅනතුරු තුනකින් පුද්ගලයන් 04 දෙනකු ඊයේ (31) දිනයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මුලස්ථානය පවසනවා.
ශ්‍රී පුර පොලිස් වසමේ වැලිඔය සිංහපුර මාර්ගයේ සිංහපුර හන්දියේදී වැලිඔය දෙස සිට සිංහපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් විරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී අනතුරක් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්ව තිබුණා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු ශ්‍රී පුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇති අතර පසුපැදිකරුද වැඩිදුර ප්‍රථිකාර සඳහා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
මෙලෙස මරණයට පත්ව තිබුණේ අවුරුදු 28 හා 30 වයස්වල පසුවන වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මරණකරුවන්ගේ මෘත ශරීර වව්නියාව හා ශ්‍රී පුර රෝහල්වල මෘත ශරීරාගාරවල තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී පුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මෙ අතර, අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ අළුත්වැව ප්‍රදේශයේදී තලාව දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ කාර් රථයක් පදික පුද්ගලයෙකුගේ ගැටී සිදුවූ අනතුරින් එම පදිකයා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.
මරණකරු වයස අවුරුදු 52 ක් වූ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කාර් රථයේ රියදුරුද තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මාතලේ පොලිස් වසමේ ගොංගාවෙල මාර්ගයේ බස්නැවතුම්පොල අසලදී මගී බස් රථයක් පදික පුද්ගලයෙකුගේ ගැටී සිදුවූ අනතුරිකින් බරපතල තුවාල ලැබූ පදිකයා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.
මරණකරු වයස අවුරුදු 95 ක් වූ කලුදෑවල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරු අත්අඩංගුවට තිබෙනවා.
මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.








