තමාට එල්ල වූ අසාධාරණකම් කිහිපයක් සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමය(IPU) හමුවට ගොස් සාක්ෂි ලබා දුන් බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ප්‍රකාශ කරනවා.
තමා මේ දිනවල ජිනීවා නුවර සිටිමින් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ කමිටුවට ගොස් අදාළ සාක්ෂි ලබාදීම් සිදුකරමින් සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.
තමාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දින 77ක කාලයක් කතා කිරීමට වර්තමාන කථානායකවරයා අවසර ලබා නොදීම, තමාගේ මයික්‍රෆෝනය ක්‍රියා විරහිත කිරීම ඇතුළු තමාගේ වරප්‍රසාද උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් පැමිණිලි කළ බවත් ඊට අදාළව සාක්ෂි ලබා දුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
මීට අමතරව තමාගේ ආරක්ෂාව ඉවත් කිරීමට ගෙන ඇති පියවර සහ කන්ටේනර් 323 සිද්ධිය සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේදී හෙළි කළ කරුණුවලට අදාළව තමා රහස් පොලිසියට කැඳවා තමාගේ වරප්‍රසාද උල්ලංඝණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද තමා අන්තර් පාර්ලිමේන්තු සංගමයට සාක්ෂි ලබා දුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමා සාක්ෂි දුන් කරුණුවලට අදාළව අනෙකුත් අදාළ අයගෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමය ළඟදීම සාක්ෂි විමසනු ඇත කියායි.








