අද (01) අලුයම් කාලයේ ඉන්දීය සාගරයේ රිච්ටර් මාපක 6.0 ක භූ කම්පනයක් හටගෙන ඇති බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා.
එම භූ කම්පනය ඉන්දියානු සාගරයේ දකුණු ප්‍රදේශයේ කිලෝමීටර් 10 ක් පමණ පොළව අභ්‍යන්තරයේ හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙම ප්‍රදේශය ජනාකීර්ණ නොවන අතර, අදාළ භූ කම්පනය හේතුවෙන් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් හෝ උපදේශන ද නිකුත් කර නොමැති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.








