ටැන්සානියාවේ විරෝධතාවලින් 700ක් මරුට ?

ටැන්සානියාවේ දින 3ක් පුරා පැවැත්වෙන මැතිවරණ විරෝධතා හේතුවෙන් එරට පුද්ගලයින් 700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට ප්‍රධාන විරුද්ධ පක්ෂය පවසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ, මේ වනවිට ටැන්සානියාවේ අන්තර්ජාල සබඳතා අවහිර කර ඇති බවය.

ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව  තවදුරටත් ඉහළ යාහැකි බව එහි සඳහන්.

ඉකුත් ඔක්තෝබර් 29වනදා පැවති එරට ජනාධිපතිවරණයේ අක්‍රමිකතා සිදු වූ බවට චෝදනාකරමින් මෙම විරෝධතා පැවැත්වේ.

පාලක රජය විසින් ප්‍රධාන විපක්ෂ නායකයින් මර්දනය කර ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කරන බව විරෝධතාකරුවන් පවසයි.

නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා මේ වනවිට ටැන්සානියාවට ඇඳිරි නීතිය පනවා තිබේ.

මේ අතර බ්‍රිතාන්‍ය, කැනඩාව සහ නෝර්වේ විදේශ අමාත්‍යවරු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් උපරිම සංයමයකින් ක්‍රියාකරන ලෙස සහ ප්‍රකාශනයේ නිදහසට ගරු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.