කුච්චවේලී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුලතිව්, මුල්ලියාවලි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදුකළ පැමිණිල්ලක් මත, රුපියල් ලක්ෂ පහක අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව සභාපතිවරයා එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සභාපතිවරයාගේ පුද්ගලික රියදුරු ද අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.








