වෙළෙඳ අමාත්‍යවරයා ත්‍රිපෝෂ සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ජා-ඇල පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්වී තිබෙනවා.

එහිදී කර්මාන්ත පරිශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව වත්මන් සභාපති අමල් අත්තනායක සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ත්‍රිපෝෂ සමාගම පිළිබඳව හඳුන්වා දෙමින් වර්තමාන තත්ත්වය සහ ඉදිරියේදී අපේක්ෂිත ඉලක්ක පිළිබඳව අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක නිරත වී ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

පසුගිය රජය සමයේ ඈවර කිරීමට නියමිතව තිබුණු මෙම ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, නව රජය බලයට පත් වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නැවත ස්ථාපිත කළ අතර, පසුගියදා සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟින් නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් මෙය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතට පත් කරනු ලැබුවා‍.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 news images