වැල්ලවාය මහේස්ත්‍රාත්වරයාගේ වැඩ තහනම් කෙරේ

ඊයේ (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායකගේ වැඩ තහනම් කර තිබෙනවා.

එම මහේස්ත්‍රාත්වරයාගේ නඩු තීන්දු කිහිපයක් පිළිබඳව පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත පැමිණිලි සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

එම පැමිණිල්ල අනුව, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාළව මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.