රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මෙම ගැටුමට, පසුව බාහිර පාර්ශ්වයක්ද සම්බන්ධ වී ඇති බවයි සිදු කළ මූලික පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.