රිමාන්ඩ් භාරයට පත් කර සිටි ‘බැකෝ සමන්’ නැමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි නැමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
ඒ අනුව, අදාළ නඩුව අද (31) කැඳවූ අවස්ථාවේදී සැකකාරියගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
විෂ මත්ද්‍රව්‍ය පනතේ 54 (1) වගන්තිය යටතේ සැකකාරිය රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරම් සෑහීමකට පත්විය හැකි කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින්, මෙම සැකකාරිය ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.








