චීනයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සංගම් නියෝජිතයින් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවලට දායකත්වය දැක්වීම ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා චීන රජයේ සහ එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම්වල නියෝජිතයන් 10 දෙනෙකුගෙන් යුතු පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

චීන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සබදතා ශක්තිමත් කෙරෙන ”‍ සේද මාවත”‍ වැඩසටහන යටතේයි මෙම ආයෝජකයන් පිරිස ඊයේ මෙරටට පැමිණියේ.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය, කෘෂි , වානිජ , වාරි යන අංශ වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සදහා ආයෝජනය කිරීමට ඔවුන් අපේක්ෂා කරනවා.