සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන, මේ වන විට අත්අඩංගුවේ පසුවන ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ගෝලයන් බව පැවසෙන පුද්ගලයින් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, වත්තල පොලිස් වසමේ, පල්ලියවත්ත ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 165 ක් සමග ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනහමාරක් පමණ වන බවද සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (31) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.








