විපක්ෂයේ ඉල්ලීම පරිදි, රටේ මතුව ඇති ආරක්ෂක ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා අද (31) පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්රියන්ත වීරසූරිය පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය, කථානායක ජගත් වික්රමරත්නගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා.








