සේවය හැර ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1,277 කට අධික මුදලක් රජයට අය විය යුතු බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
ඒ අනුව, තනතුරු අත්හැර ගිය වෛද්‍ය නිලධාරීන්ගෙන් 2024 වර්ෂයේ ඔක්තෝබර් 31 වැනි දිනට රජයට අය විය යුතු බැඳුම්කර, දඩ මුදල් සහ ණය අත්තිකාරම්වල ශේෂයන්ගේ එකතුව රුපියල් මිලියන 1,277 ක් බවයි ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ.
වර්තමානයේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පශ්චාත් උපාධි පාඨමාලාවට අදාළව පුහුණුව සඳහා සහ විදේශ රැකියා සඳහා මෙන්ම, අනෙකුත් හේතූන් මත විදේශගත වන වෛද්‍ය නිලධාරීන් සේවයෙන් ඉවත්ව යාම හා සේවය අත් හැර යාම සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවයි එහි සඳහන් වන්නේ.
2015 වර්ෂයේ සිට 2024 අවසානය දක්වා වෛද්‍යවරුන් 705 දෙනෙකු ගිවිසුම් කඩ කර ඇති බවද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.








