සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.
ව්‍යාජ ලේඛණ සකස් කර රුපියල් මිලියන 150ක් වටිනා දේපල අත්පත් කර ගැනීමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.
සැකකාර කාන්තාව අදාළ සිද්ධියට සම්බන්ධ අන්අයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ඔප්පුවෙහි අත්සන් කර ඇති අතර, මෙම කාන්තාව පොලිසිය මඟහරිමින් සැඟව සිටින බව වාර්තාවේ.
ඇය පදිංචිව සිටින ස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
සැකකාරියගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත යොමු කර තිබෙන අතර, යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.
දුරකතන අංක –
වාණිජ අපරාධ විමර්ශන 03 අංශය – 011 – 2434504
මෙහෙයුම් මැදිරිය – 011 – 2422176
(අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව)








